Home World දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු සොල්දාදුවෙකුගේ ආහාර සළාකය

දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු සොල්දාදුවෙකුගේ ආහාර සළාකය

794

සංග්‍රාමභූමිය සදහා කදවුරෙන් පිටව යන සොල්දාදුවා නැවත කදවුරට පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබද නිශ්චය අති දුෂ්කර පෙරයීමකි. එහෙයින් ඔහු හැකි තරම් දීර්ඝ කාලයක් ශාරීරික මානසික ප්‍රශස්ථ මට්ටමකින් පවත්වා ගැනීම මනාව සැළසුම් කොට සිදුකල යුතු වූ ක්‍රියාවලියක් විය.

දීර්ඝ කාලීන පරීක්ෂණ සහ ප්‍රායෝගික අත්හදාබැලීම් හා ජෛවිද්‍යාත්ම ගණනය කිරීම් රැසකට පසු ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංග්‍රාමයන් සදහා (combat meal) විශේෂිත වූ K සළාකය හදුන්වා දෙන ලදි.

K සළාක ක්‍රමය 1942 වසරේදී හදුන්වා දුන් අතර පළමුව එය භුක්ති විදින ලැබුවේ පැරෂුට් බළඇණිය විසිනි. එහිදී පෙන්වන ලද සාර්ථකත්වය හේතුවෙන් එය සියළුම බළඇණි අතර බෙදාහරින ලදි. උදෑසන, සන්ධ්‍යා හා රාත්‍රී වශයෙන් වර්ග 3කින් සමන්විත වූ මේ ආහාර සළාකය තෙමීමට ඔරොත්තු දෙන නොපෙගෙන වර්ගයේ අඩුබරැති කාඩ්බෝඩ් වලින් සාදන ලද 7.5cm × 7cm × 3.7cm ප්‍රමාණයේ පෙට්ටියක බහාලූ ග්‍රෑම් 650ක් පමණක් බරැති සළාකයකි. එක් වේලකින් කැලරි 8000ක ශක්තියක් හා ග්‍රෑම් 79ක ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙන් පරිදි සංයුතිය සැළසුම් කර තිබිණි. මෙවැනි ආහාර වේල් 15කට පසු අනිවාර්යයෙන් A ශ්‍රේණියේ හෝ B ශ්‍රේණියේ සළාකයක් ලබාගන්නා ලෙස සොල්දාදුවන්ට උපදෙස් දී තිබිණි. ඒ ඛණිජ ලවණ හා විටමින් ඌණතා මගහරවා ගැනීමට වන අතර ඊට අමතරව සොල්දාදුවන් අප්‍රියතාව මත් K සළාකයෙන් බැහැර වී යාම වළක්වා ගැනීම අනෙක් අරමුණ විය. 

දැන් අපි ඒ ඒ ආහාර වේල සළකා බලමු,

උදෑසන ආහාර වේල,

කෑන් කල හැම් සහ බිත්තර ටින් එකයි,
ඕට්මීල් සීරියල් අටයි,
චුයින්ගම් පැකට් එකයි,
ක්ෂණික කෝපි පැකට් එකයි,
හැලසෝන් වතුර පිරිසිදු කාරක පෙති එකයි,
ටොයිලට් පේපර්ස් එකයි,
සිගරට් පැකට් හතරයි.

සන්ධ්‍යා ආහාර වේල,

ඌරු/හරක් මස් ටින් එකයි,
ඇපල් හෝ කැරට් එකයි,
චොක්ලට් බාර් එකයි,
චුයින්ගම් පැකට් එකයි,
ටොයිලට් පේපර්ස් එකයි,
සිගරට් පැකට් හතරයි.

රාත්‍රී ආහාර වේල,

චීස් සහ බේකන් ටින් එකයි,
කැරමල් බිස්කට් අටයි,
දොඩම්/මිදි/ලෙමන් බීම පැකට් එකයි.
චුයින්ගම් පැකට් එකයි,
සිගරට් පැකට් හතරයි.

කලින් කලට මෙම ආහාර වර්ග වල ඉතා සුළු වෙනස්වීම් සිදුකල අතර එමගින් දීර්ඝ කාලීන් පෝෂණය මෙන්ම ආහාර රුචිකත්වයද පවත්වා ගන්නා ලදි.

වර්තමානය වනවිට මෙම සළාක ක්‍රමය ඉතා දියුණුව පවතින් අතර ඉතා අඩු බරකින් අති ඉහළ ගුණාත්මක පෝෂණයක් ලබාදිය හැකි පරිදි සංයුතිට සකස් කොට ඇත!


ඓතිහාසික ජායාරූප පිටුව ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here