Home Local ”ඡන්ද විමසීම ආණ්ඩුවට මරු පහරක් නොවෙයි” – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

”ඡන්ද විමසීම ආණ්ඩුවට මරු පහරක් නොවෙයි” – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

835

ඊයේ (28) දිනයේ සිදු වූ කාරක සභා ඡන්ද විමසීම ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයක් නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍යවෙත අදහස් දැක්වීමේදීයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

”පක්ෂ නායක රැස්වීමේදී කාරක සභා අවස්ථාවන්හිදි ඡන්ද විමසීමක් සිදු නොකරන බවට එකඟතාවයක් පැවතියා. වැය ශීර්ෂය ආරම්භ කළ දා සිට කාරක සභා අවස්ථාවන්හිදී කිසිම දිනක ඡන්දයක් ඉල්ලා සිටියේ නැහැ. එම එකගතාවය ඊයේ දිනය වනතුරු ක්‍රියාත්මක වුණා. නමුත් අද විපක්ෂය එම එකඟතාවය කඩ කර ඡන්දයක් ඉල්ලුවා. පක්ෂ නායක රැස්වීමේදී දුන් පොරොන්දුව ඔවුන් විසින්ම කඩකරා. නමුත් මෙය ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයක් නොවේ. ස්ථාවර නියෝග අනුව මෙම වැය ශීර්ෂය නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගරනීමට හැකියි.” යනුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here