Home Hit යන්නේ මදූෂ්ගේ පාටියකට බව දැනන් හිටියා, ටිකට් අරන් දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ-නදීමාල්

යන්නේ මදූෂ්ගේ පාටියකට බව දැනන් හිටියා, ටිකට් අරන් දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ-නදීමාල්

460
0

සිදුකළ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ ඔහුගේ පාතාල සම්බන්ධතා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

තමන් සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බව ගායන ශීල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

තවද නදීමාල් පෙරේරා සඳහන් කර ඇත්තේ සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන් සහබාගිවන්න සාදය මාකඳුරේ මධූෂ්ගේ බවට දැනුම් දුන් බවයි.

නදීමාල් ගියේ සෝ එකකට. අනී එයා පව්ව්ව්ව්. එයා දන්නෑ යන්නේ මදූස්ගේ පාටියකට කියලා අනී. තාත්තා කෙනෙක් එක්කං යයිද දරුවෙක් එහෙම පාටියකට අනී. අමලුත් දන්නෑ අනී.. කියකිය වැලෙලන්න හදපු උන් ඉන්නවා නේද.. කෝ තාම ඉන්නවද.අන්න නදීමාල්ගේ කටඋත්තරේ කියවන්න. උලුල් ප්‍රේමරත්නව සාක්කියට තියාගන වලක් කපං වැලලියල්ලා #lka

Posted by Bharatha Thennakoon on Wednesday, March 27, 2019

නදීමාල් පෙරේරා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍රය ලබාදී ඇත්තේ ඩුබායිහි රැඳී සිටින මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය

මෙරටට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලට ලක් වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here