Home Local මීගමු වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

මීගමු වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

383
0

ඩෙටෝල් විශබීජ නාශකය අනුග්‍රහයෙන් මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ (27) දින දවස පුරා මීගමුව ඒත්තුකාළ වෙරළ තීරයේදී පැවැත්වුණා.

මෙම වැඩසටහන ඩෙටෝල් විශබීජ නාශකය ශ්‍රී ලංකාව පුරා බෙදාහරින රෙකිට් ඇන්ඩ් බෙන්කිසර් සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මීගමුව මහ නගර සභාව සහ මීගමුව බාල දක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයන් මෙන්ම මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.

වැඩසටහන අද උදෑසන මීගමුව ජෙට් වින්ග් බ්ලූ හෝටලය අසළින් ආරම්භ වූ අතර ආරම්භක උත්සව අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ද සහභාගී වී සිටියා.

ඉන්පසු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සේවක පිරිස් සහ මාධ්‍යවේදීන් ද මෙම හෝටලයේ සිට ඒත්තුකාළ වෙරළ තීරය දක්වා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට එක් වී සිටියා.

මෙම වැඩසටහනට සමගාමිව ත්‍රිකුණාමලය, හම්බන්තොට, පල්ලිය වත්ත වෙරළ තීරය ද ඩෙටෝල් අනුග්‍රහයෙන් ඊයේ දින පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වුණා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here