Home Local දොඩන්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

දොඩන්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

404

දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (27) පස්වරුවේ කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා.

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ කාර් රථය ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

කාර් රථයේ සිව් දෙනෙකු ගමන්කර ඇති අතර තුවාලකරුවන් අතර ළමයෙකුද සිටින බව රෝහල් පොලිසිය පවසයි.

දොඩන්දූව පාලම අසල හරස් මාර්ගයේදී මෝටර් රථය දුම්රියේ ඇමිණි පාලම උඩ දක්වා තල්ලුවී පාලම මත නතරවී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ – මාතර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි ද සඳහන්.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here