Home Local ”දේශපාලඥයින්ට ඕන විදිහට මම සහල් නිෂ්පාදනය කරන්නේ නෑ” – ඩඩ්ලි සිරිසේන

”දේශපාලඥයින්ට ඕන විදිහට මම සහල් නිෂ්පාදනය කරන්නේ නෑ” – ඩඩ්ලි සිරිසේන

401
0

දේශපාලඥයින්ට ඕන විදිහට තමන් සහල් නිෂ්පාදනය නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරා වන අරලිය සමුහ ව්‍යාපාර අධිපති ඩඩ්ලි සිරිසේන ඊයේ (27) පොලොන්නරුව්දී දී සඳහන් කර සිටියා.

ඔහු මෙම අදහස් පළකළේ අරලිය පොහොර හදුන්වා දීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කර සිටියේ,

”මේ රටේ තියෙන ප්‍රශ්නය මොකද්ද කියල මෙතන ඉන්න පිරිසක් විතර නෙමේ මේ රටේම අයත් දැන ගන්න ඕනේ. මේ වැඩේ මම හඳුන්වා දුන්නට පස්සේ සහ ඊට පෙර මේ වැඩේ සම්බන්ධ නිලධාරීන් ඉන්නවා. මිලියන 42ක මුදලක් කෝටි හතලිස් දෙදහයි මුදලක් අපේ රටින් පිටව යනවා. හරියටම කිව්වොත් කෝටි 3750ක් පමණ එළියට යනවා. පොහොර ටික වරායට ගෙනල්ලා. හුණුපිටිය ගබඩාවට ගෙනල්ල ප්‍රවාහනය කරන්න මේ ටික මෙහාටත් ප්‍රවාහනය කරන්න අපේ රටේ මුදල් බිලියන පහමාරක් විතර යනවා. ඒවා ගැන කතා කරන්න බෑ, හරිම කනගාටුදායකයි. අපේ රටේ ගොවියාගේ ප්‍රශ්න ගැන බොහෝ දේශපාලනඥයෝ කතා කරනවා. මම දැක්කා පෙරේදා පොළොන්නරුවේ දේශපාලනඥයෙක් ඕන්නං නමක් කියන්න පුළුවන්. දැන් ගොයම් කැපෙන වෙලාවට අවස්ථාව මාධ්‍යයෙන් ඉල්ලගෙන ඒ අවස්ථාව ගොවියා ගැන බොරුවට කතා කරනව. දැන් දඹුල්ලේ එළවළු ටික විකුණගන්න බැරි අවස්ථාව ඒක දැනගත්තම විපක්ෂ මන්ත්‍රී වරයා එතන ගිහින් කතා කරනවා ඉල්ලගෙන. රත්නපුර පැත්තෙ මැණික විකුණගන්න බැරි උනාම රබර් කිරි කපා ගන්න බැරි උනහම ඒ පැත්ත විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයා ඒ කතාව ඉල්ලගන්නවා. එක මට දෙන්න කතා කරන්න කියලා. විපක්ෂයේ ඉන්න හැමදාම කතා කරන්නේ හැඟීම්බරව ජනතාවගේ දුක ඊට පස්සේ බලයට එනවා.

අවුරුදු 70 තිස්සේ විපක්ෂ නම් හැමෝම හැඟීම්බරව කථා කරනවා ඊට පස්සේ බලයට ආවට පස්සේ මොකද කරන්නේ කියලා ජනතාව තේරුම් ගන්න, මොකක්ද වෙන්නෙ කියලා, අපි එකක් කියන්න ඕනේ අපි කාපු ඇඳපු දෙයක් පමණයි. නමුත් අනිත් හැමදෙයක්ම මේ රට තුළ අපි ආයෝජනය කරලා තියෙනවා. එක සතයක් අපි මේ රටින් එළියට ගෙනිහිල්ලා නෑ, මේ රට වෙනුවෙන් තමයි මේ වැඩසටහන මේ වැඩපිළිවෙළ අරන් යන්නේ, රටේ ජනතාවගේ ප්‍රශ්න දේශපාලනඥයින් ඉතාමත්ම හැඟුම්බරව කතා කරනවා. දේශපාලනඥයන්ගේ වේදිකාවල දේශපාලනඥයින්ගේ දේශපාලන ජයග්‍රහණය සඳහා, ඔවුන්ව ගහල එලවන්න ඕනේ සත්‍ය කතාව ඒකයි.” යනුවෙන් කියා සිටියා.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here