Home Local දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්

දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්

350

දෙහිවල ගුවන් පාලම අසල පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අලුයම ඇතිවූ ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි දෙහිවල- ගල්කිස්ස මහා නගර සභා ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටිනවා.

ගිනි නිවන භටයන් 12 ක්, ගිනි නිවීමේ රථයක්, ජලබවුසර 02 ක් යොදාගෙන පැය 02කට ආසන්න කාලයක් තුළ දැඩි ප්‍රයත්නයක් දරා ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගින්න ඇතිවන විට ආයතනය සම්පුර්ණයෙන් දොරගුළු දමා වසා තිබූ බවත් එහි කිසිවෙකුත් නොසිටි බවයි පොලිසිය පවසන්නේ.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් ගින්නට හේතුව අනාවරණය වී නැති බවත් පොලිසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here