Home Hit කවුද නදිමාල් ? සල්මන් ඛාන් වගේ නළුවෙක්ද ඌ- උදුල් ප්‍රේමරත්න(Video)

කවුද නදිමාල් ? සල්මන් ඛාන් වගේ නළුවෙක්ද ඌ- උදුල් ප්‍රේමරත්න(Video)

545
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඊයේ (27) නිදහස් වූ නදීමාල් පෙරේරා ගුවන්තොටුපළෙන් පිටව යන අවස්ථාවේ සිදුවූ සිදුවීමක් කතාබහට ලක්ව තිබේ.

ඒ නදීමාල් හමුවීමට නීතිඥ උදුල් ප්‍රේමරත්න පැමිණ සිටියද ගායන ශිල්පී නදීමාල්, උදුල් ප්‍රේමරත්න පිළිබඳ තැකීමක් නොකර ඔහුගේ සංඥාවට ප්‍රතිචාර නොදක්වා වාහනයක නැඟී පිටව යාමත් සමග ඒ අවස්ථාවේ සිදුවූ සිදුවීම කතාබහට ලක්ව තිබේ.

එම නිසා උදුල් ප්‍රේමරත්න දැඩි අපහසුතාවයකට පත්වූ අතර ඉන්පසුව ඔහු මාධ්‍ය ඉදිරියේ නදීමාල් විවේචන‍ය කරමින් අදහස් දැක්වූවා.

නදීමාල් ගියේ සෝ එකකට. අනී එයා පව්ව්ව්ව්. එයා දන්නෑ යන්නේ මදූස්ගේ පාටියකට කියලා අනී. තාත්තා කෙනෙක් එක්කං යයිද දරුවෙක් එහෙම පාටියකට අනී. අමලුත් දන්නෑ අනී.. කියකිය වැලෙලන්න හදපු උන් ඉන්නවා නේද.. කෝ තාම ඉන්නවද.අන්න නදීමාල්ගේ කටඋත්තරේ කියවන්න. උලුල් ප්‍රේමරත්නව සාක්කියට තියාගන වලක් කපං වැලලියල්ලා #lka

Posted by Bharatha Thennakoon on Wednesday, March 27, 2019

“අවුරුදු 23ක පොඩි කොල්ලෝ. සලමන් ඛාන් ද ඌ? පිස්සුද? මොකෙක්ද ඌ? පොඩි එකෙක්. ඌ නළුවෙක්ද? ඌ පොරක්ද? සලමාන් ඛාන් කුඩු ගහලා අහුවුණාද? තප්පරයක් දෙන්න මට ඌට කතා කරන්න ඕන..” යැයි කෝපයෙන් උදුල් ප්‍රේමරත්න ප්‍රතිචාර දක්වනු මාධ්‍යවේදීන්ගේ කැමරාවට හසුව තිබුනා.

කෙසේ වුවද උදුල්ගේ දුරකතනයට පවා නදීමාල් ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

නමුත් නැවත සන්සුන් වූ නීතිඥ උදුල් කියා සිටියේ නදීමාල් කිසිදු වරදක් නොකළ බවත් අමල් පෙරේරා ද ඉක්මනින් නිදහස් වනු ඇති බවයි. අමල් සහ නදීමාල් අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට යැයි පවසා උදුල් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ නීතිඥයා ශාබ්ධික වෙල්ලප්පුලි පෙරේරා පවුල විසින් ඩුබායි වෙත යැවුනු අතර උදුල් ප්‍රේමරත්නද ස්වේච්ඡාවෙන්ම අමල් පෙරේරා සහ නදීමාල් වෙනුවෙන් ඩුබායි වෙත ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here