Home Hit කංජිපානි ඉම්රාන් කටුනායක දී අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන් කටුනායක දී අත්අඩංගුවට

529

කංජිපානි ඉම්රාන් ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා මාල දිවයින වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී අද (28) ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන අතර , ඔහු ඩුබායි පොලීසිය විසින් පිටුවහල් කිරීමෙන් පසු මෙසේ මාලදිවයින බලා යෑමට පැමිණෙන බවට කල් ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඔහු අද දින උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉන් පසු ඔහු ගුවන් තොටුපළ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දී , රට තුළට ඇතුළු වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here