අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.ඒ දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන නිසාත් එයට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනය නොවීමත් හේතුකොටගෙනය .
මාන්යාධිකාරී එස්.පී. ගුණවර්ධන මහතා සඳහන් කළේ මේ වනවිට දෛනික විදුලිඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියයකට අධික බවත්, විදුලි ඉල්ලුම ඉහළ ගියද, ජලවිදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවය.
මේනිසා ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කර මණ්ඩලයට සහයෝගය ලබාදිය යුතු බවත්, එවැනි තත්ත්වයක් මත සිංහල අලුත් අවුරුදු සමය වනතෙක් දැනට සිදුකරන විදුල් කප්පාදුව සිදුකළ හැකි බවත් ඔහු පවසා සිටියේය.
2015 වසරේදී ඉදිකිරීමට සැලසුම් කළ සාම්පූර් විදුලි බලාගාරය ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නම්, මෙවැනි තත්ත්වයක් උදා නොවන බවත්, එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවූ බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
සාම්පූර් බලාගාරයෙන් මෙගාවොට් පන්සියයක විදුලි බලයක් ලැබීමට නියමිතව තිබූ බවත්, වර්තමානය වනවිට පද්ධතියට අවශ්‍ය වී ඇත්තේ මෙගාවොට් තුන්සියයක ප්‍රමාණයක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.