Home World ෆින්ලන්තය සතුටට හේතුව හෙළිකරයි

ෆින්ලන්තය සතුටට හේතුව හෙළිකරයි

632

එක්සත් ජාතින්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය (Sustainable Development Solutions Network) හී නවතම වාර්තාව අනුව 2019 වසරේ ලෝකයේ සතුටින්ම සිටින ර⁣ට ලෙස දෙවන වරටත් ෆින්ලන්තය පසුගියදා තේරී පත්වුණා.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කරන ලබනු නිරීක්ෂණයන් අනුව මෙම වාර්තාව නිර්මාණය කරනු ලබන අතර ඔවුන් ඒ සඳහා විශේෂ නිර්නායකයන් ද භාවිත කරනු ලබනවා.

ඒ අතර ආයු අපේක්ෂාව, නිදහස, දළ දේශීය නිෂ්පාදිතය හා දූෂණය වැනි කරුණු යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරනවා.

රටවල් 156ක් පුරාවට කරන ලද නිරික්ෂණයන් අනුව මෙම නිර්නායක ඔස්සේ ඔවුන් ගණන කිරීම් කරනු ලබන බව සඳහන්.

ෆින්ලන්තය 2018 වසරේ ද ලෝකයේ සතුටින් සිටින රට ලෙස තේරී පත් වුණා.

එලෙස ෆින්ලන්තය තමන්ගේ සතුට රැඳී තිබීමට හේතුව ලෙස පවසා තිබුණේ ඔවුන්ගේ රටේ පවතින අලංකාර වූ පරිසරයයි.

එම පරිසරය රටේ ජනතාවට හොඳ මානසික සහනයක් බව ද ෆින්ලන්තයේ සංචාරක මණ්ඩලය පවසා ඇති අතර ලෝකයේ පිරිසුදු ම රටවල් අතර ද ෆින්ලන්තය ඉහළින් ම සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here