Home Local හොර උපාධි සහතිකයෙන් රැකියාව ලබාගත් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිට වැඩ වරදියි

හොර උපාධි සහතිකයෙන් රැකියාව ලබාගත් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිට වැඩ වරදියි

323

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් බවට ව්‍යාජ උපාධි සහතිකයක් ඉදිරිපත් කර සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස රැකියාව ලබාගත් ගාමිණි රත්නසිරි පෙරේරා නමැත්තා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන පොදු දේපළ පනත යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක ඊයේ (26) කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කරනු ලැබුවා.

වෙනත් අයකුට අයත් උපාධි සහතිකයක් ඉදිරිපත් කර ලබාගත් එකී රැකියාවේ වැටුප් ලෙස ගෙවා ඇත්තේ රජයේ මුදල් බවත්, රජයට සිදුකළ අලාභය අනුව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ අධිචෝදනා ගොනු විය යුතු බවයි මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ.

එකී සැකකරු සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ අවසන් වාර්තාව ලබන මැයි 28 වනදා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

56 හැවිරිදි එම සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු වී ඇති චෝදනාවට වරද පිළිගැනීමට සූදානම් බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි කරුණු දැක්වූ අවස්ථාවේදී මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කරනු ලැබුවා.

ලද රහසිගත තොරතුරක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ කොළඹ වංචා විමර්ශන අංශය පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිව සිටි එම සැකකරු පසුගිය ජනවාරි 15 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කොට තිබුණා.

ඒ. ජේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here