වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ රටපුරා යළි විදුලිය විසන්ධිවීමක් සිදුව තිබෙනවා.
පසුගිය සති 02කට පෙරද වෙනිසියුලාවේ සිදුවු විදුලිය විසන්ධිවීම හේතුවෙන් රට පුරා ජනතාව මහත් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
වෙනිසියුලාවේ කරාකස් (Caracas) අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකටම විදුලිය නොමැතිව සිට ඇති බව එරට වාර්තා සදහන් කර සිටිනවා.
ඉන් මිලියන 06ක පමණ ජනතාවකට පීඩා එල්ලවීඇති අතර පැය 04කට පමණ පසුව යළි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මේ හේතුවෙන් රෝහල්, පොදු ප්‍රවාහන, ජලය සහ වෙනත් සේවාවන් සඳහා ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ජනාධිපති නිකොලස් මදුරෝ එරට විපක්ෂයට චෝදනා කරනු ලබන බවද සඳහන්.