Home Hit විදුලි අර්බුදය ගැන සෙවීමට කමිටුවක්

විදුලි අර්බුදය ගැන සෙවීමට කමිටුවක්

436

මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව ඇතුළුව රට තුළ පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීම සඳහා ඊයේ (26) පැවැති කැබිනට් රැස්විමේදි ජනාධිපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, රවී කරුණානායක සහ ආචාර්ය හර්ෂද සිල්වා යන පිරිස මෙම කමිටුවට ඇතුළත් වනවා.

පවතින විදුලි අර්බුදයට ඉතා ඉක්මණින් විසදුම් ලබා දෙන ලෙසටද ඒ පිළිබඳ සොයාබලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රුස්විම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here