Home Hit ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නදීමාල් මුදා හරියි

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නදීමාල් මුදා හරියි

409
0

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් මේ වන විට අවසන් කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපලින් මෙරටට පැමිණියේය

පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, පැය 7ක අධික කාලයක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව නදීමාල් පෙරේරා මීට සුළු වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here