Home Hit ”ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කරනවා” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

”ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කරනවා” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

418

ත්‍රස්තවායද වැළැක්විමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රති ත්‍රස්ත පනත අහෝසිකිරීම තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසනවා.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ඊයේ (26) පැවැති සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

තවත් මාස 06ක පමණ කාලයක් මේ පනත පවතිනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

එම පනත මේ වන විට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකර ඇති බවත් එම කාරක සභාව නියෝජනය කරන තම පාර්ශ්වයේ විරෝධය මත තවමත් පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ප්‍රමාද වී ඇති බවත් විපක්ෂනායකවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here