කාන්තාවන් බලගැන්වීමට වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ධනාභිමානී‘ කාන්තා සමුළුව අමතමිනුයි.
ධනාභිමානී කාන්තා සමුළුව අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) පැවැත්වුණා.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එය සංවිධාන කර තිබුණා.
අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මව්ලානා, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.