හැටන් නගරයේ වටරවුම් වීදියේ ඉඩමක ඇති වු ගින්නක් හැටන්, දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය විසින් නිවා දැමිමට සමත් විය.
අද (26) දහවල් 02ට පමණ හටගත් ගින්න පැතිර යමින් පැවතිය දී ප්රදේශවාසින්ගේ ද සහයෝගය මත නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් ගින්න මැඩපවත්වනු ලැබුවා.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට ඉහලින් වු ඉඩමට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සැකකරන්නේ.



රංජිත් රාජපක්ෂ