Home Local හම්බන්තොටදී හෙට පටන් ගන්නා යොවුන් පුරය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි..!

හම්බන්තොටදී හෙට පටන් ගන්නා යොවුන් පුරය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි..!

479
0

විජයග්‍රාහී තාරුණ්‍යයේ අර්ථ පූර්ණ අබිසෙක් මංගල්‍යය ආරම්භ වන්නට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. රුහුණු මාගම්පුරවරය තරුණ ජවය සවිබලගන්වමින් වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රය අසිරිමත් වන ආකාරය මේ දිනවල දක්නට ලැබේ. දිවයිනේ සිව්දෙස නියෝජනය කරමින් පෙරගමන් කණ්ඩායම් තම දිසාවයන්හි අනන්‍යතාවය විද්‍යමන කරමින් තම නේවාසික කඳවුරු ඉදිකිරීමේ කටයුතු අරඹා ඇත.පසුගිය 21 වැනි දින යොවුන්පුර‍වරයේ සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ යොවුන්පුරයේ මෙවලමක් බවට පත් වූ යොවුන් පුර නගර සභාව තෝරා පත් කර ගැනීමයි.

සත්කාරක දිස්ත්‍රික්කයේ පී.බී.සසංක පද්කුමාර මහතා මෙවර යොවුන් පුරපති ලෙස තේරී පත් වූ අතර කේ.ජී.එම් දිපාල් ධනුෂ්ක නියෝජ්‍ය නගරාධිපති තෝරා පත් කර ගන්නා ලදී. වරාය ,දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල ලාංඡන පැළැදවීම සිදු කළ අතර එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ , අධ්‍යක්ෂ සංවර්ධන ජගත් අධිකාරී,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ශෙහාන් කෝෂල කන්නන්ගර යන මහත්වරුන්ද සහභාගි වූහ.

යොවුන්පුර නගර සභාවට කාර්යාංශ 12 ක් සදහා සභිකයන් තෝරා පත්කර ගැනීම ද මෙහිදී සිදු විය.මෙතැන් සිට යොවුන්පුර පාලන කටයුතු යොවුන්පුර නගර සභාවට පැවරෙයි. ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහයෝගයෙන් ක්‍රීඩා පුහුණු වැඩ සටහන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් ආශ්‍රිතව පැවැත්වේ.ප්‍රවෘර්ති දෙපාර්මෙන්තුව මගින් මාධ්‍ය වැඩ මුළු හතරක් පාසල් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු ‍යොදා තිබේ.මේ ඉන් කිහිපයක් පමණි. අමාත්‍යාංශ,දෙපාර්මෙන්තු මගින් ද වැඩ සටහන් ගණනාවක් යොවුන් පුරයට සමගාමීව නුදුරු දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික තරුණ සේවා සභාවට වසර 50 ක් සපිරෙන අවස්ථාවේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර යොවුන් කඳවුර දිවයිනේ විසිරී පැතිරී සිටින තරුණ නායකයින් හා විදේශීය තරුණ නායකයින් 8000 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියළු විධිවිදාන යොදා ඇත.

නායකත්ව කුසලතා, රටේ සංවර්ධනයට තරුණයාගේ සහභාගිත්වය ලබා ගැනීම,කුසලතාවයන් එළිදැක්වීමේ වේදිකාවක් බවට යොවුන්පුරය පත් වෙයි. කලාප 7 කින් සමන්විත මෙම ජාත්‍යන්තර යොවුන් කඳවුර ආශ්‍රිතව බාහිර තරුණ ප්‍රජාව වෙනුවෙන් ද වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.රැකියා වෙළදපොල වගේම වෘත්තීය මගපෙන්වීම් මෙහිදී සිදු කරනු ලබනවා.‍ එසේම යෞවන සමාජ මෙන්ම වෙනත් තරුණ සංවිධාන වලින්ද විශාල තරුණ පිරිසක් සහභාගි වෙනවා.විදේශීය රටවල් 22 කින් තරුණ,තරුණියන් සිය දෙනෙකු සහභාගි වෙනවා. තරුණ දැනුම,ආකල්ප ,අත්දැකීම් හුවමාරු කර ගනිමින් අනාගතයට මානව ආයෝජනයක් මේ කරනු ලබන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කර සිටියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here