Home Local ස්වභාවික ආපදා වලින් ලංකාව දෙවන තැනට

ස්වභාවික ආපදා වලින් ලංකාව දෙවන තැනට

278
0

ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අනුව ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කර සිටිනවා.

ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිති කරගෙන පසුගිය 22 වනදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් මේ බව හෙළිදරව් කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සෑම විටම ස්වාභාවික ආපදා සඳහා මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බවයි.

කාලගුණය පිළිබඳ 100%ක්ම නිවැරදි අනාවැකි කිව හැකි නවීන තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවද සන්නද්ධ විය යුතු කාලය උදා වී ඇති බවත් මේ වන විටත් එම තාක්ෂණයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here