Home Local වතුකරයේ රෝහල් වලට බලපෑමක් නැති හෙද වර්ජනය – PHOTOS

වතුකරයේ රෝහල් වලට බලපෑමක් නැති හෙද වර්ජනය – PHOTOS

330

රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරන හෙද නිලධාරිනියන් අද (26) ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු වලට දැඩි බලපැමක් එල්ල වි නොමැති බවයි වතුකරයේ රෝහල් වල වෛද්‍යවරුන් කියාසිටින්නේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරන හෙද නිලධාරිනියන් ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් අද දින වැඩ වර්ජනයක නිරතව සිටින අතර හදිසි අත්‍යවශ්‍යය සේවාවන් පමණක් සිදු කරන බවට එම හෙද නිලධාරිනියන් විසින් වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරන හෙද නිලධාරිනියන් සුපුරුදු පරිදි තම රෝහල් වල දෛනික රාජකාරි කටයුතු වල නියැලි සිටින බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.

හෙද නිලධාරිනියන්ගේ වැඩ වර්ජනය පැවතියද රාජකාරියට වාර්තා කර ඇති හෙද නිලධාරිනියන්ගේ රාජකාරි මධ්‍යයේ රෝහල් වල සායන කටයුතුද සුපුරුදු පරිදි සිදුකරන බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here