Home Local බෝගස්වැවෙන් T – 56 උණ්ඩ තොගයක් සොයාගනියි

බෝගස්වැවෙන් T – 56 උණ්ඩ තොගයක් සොයාගනියි

680
0

වවුනියාව බෝගස්වැව, වෙහෙරතැන්න මහවැලි ප්‍රාදේශිය කාර්යාලය අසල යකඩ පෙට්ටියක් තුල අසුරා තිබූ T – 56 වර්ගයේ ජීව උණ්ඩ 750ක් ඊයේ (25) සොයාගත් බව වවුනියාව, බෝගස්වැව පොලිසිය පවසනවා.

ශ්‍රමදාන කටයුත්තක් සඳහා ප්‍රදේශවාසීන් මහවැලි ප්‍රාදේශිය කාර්යාලය අසල කැළෑ ප්‍රදේශය පවිත්‍ර කරමින් සිටියදී උණ්ඩ පිරවූ යකඩ පෙට්ටිය හමුවී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි LLTE සමාජිකයින් විසින් රැගෙන ආ ජීව උණ්ඩ තොගයක් බවට පොලිසිය සැකපළ කරනවා.

සොයාගත් ජීව උණ්ඩ තොගය ආරක්ෂිතව බෝගස්වැව පොලිස් ස්ථානයට රැගෙනගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here