Home Business කාසි වලට වෙනම කවුළුවක්

කාසි වලට වෙනම කවුළුවක්

514
0

මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කවුළුව කොළඹ 01, ජනාධිපති මාවතේ අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ බිම් මහලේ දී හෙට (27) සිට විවෘත කරනු ලබනවා.

රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියක ම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් ‍පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම කවුළුව මහජනයාට ගනුදෙනු සඳහා විවෘත වනු ඇති.

එක් අයෙක් සඳහා එක් වරකට නිකුත් කරන අවම කාසි ප්‍රමාණය එක් මුහුණත වටිනාකමකින් කාසි 100ක පැකට් 1ක් වන අතර රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 යන ඕනෑ ම මුහුණත වටිනාකමකින් කාසි 100 බැගින් වන පැකට්, රු.20,000ක උපරිම වටිනාකමකට යටත්ව මෙම කවුළුවෙන් ලබාගත හැකියි.

කාසි තොග වශයෙන් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට / ආයතන වලට සිය කාසි අවශ්‍යතාවන් පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි වෙත ඉල්ලුම් පත්‍රයක් රාජකාරි දින දෙකකට පෙර යොමු කිරීමෙන් කාසි ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here