Home Local කාසල්රි සහ මවුස්සාකැලේ කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නවතයි –...

කාසල්රි සහ මවුස්සාකැලේ කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නවතයි – PHOTOS

436
0

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය (රෙන් ෆොල් මිෂන් ) තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටිනවා.

ඒ අනුව කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහල අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතීම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කල බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.

කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුල ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුවා.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 06 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහල බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම ජලාශයේ ඉදි කිරිමේදි යට වූ ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදුකරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර තිබෙනවා.

එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදුකර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවතිනවා.

මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදිකිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවතිනවා.

එම ජලාශයේ 34% ජල ධාරිතාවක් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here