වත්මන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි, අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට යෝජිත මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කර ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය වැඩිකිරීමට ජනපති කැමැත්ත ලබාදී ඇති බවයි.
දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්ව සිටිනවා.
ඒ අනුව ගාමිණී විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂය ජාතික ආන්ඩුවක් පිහිටුවීමේ පදනම මත මෙම කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කැලුම් බණ්ඩාර