Home World අම්මා වගේ වෙස් වලාගෙන මිනිමැරු Serial Killer

අම්මා වගේ වෙස් වලාගෙන මිනිමැරු Serial Killer

530
0

මේ කතාව ලෝකයම කම්පනය කරපු සහාසික එඩ් ගේන් නම් මිනීමරුවා පිළිබදවයි. 1960 වර්ෂයේදී සයිකෝ ලෙස හදුන්වන චිත්‍රපටියක් තිරගත වුණා. බෙට්ස් මොටෙල් කියන ටෙලි කතා මාලාව නිර්මාණය වුණේ මෙම චිත්‍රපටියට අනුකුලවයි. සයිකෝ චිත්‍රපටියේ ප්‍රධානතම චරිතය නිර්මාණය කර තිබෙන්නේ එඩ්ගේන් ගේ චරිතය ඇසුරින්. එඩ්ගේන් උපත ලැබුවේ 1906 වර්ෂයේ අගෝස්තු 26 වැනිදායි. ඒ ඇමෙරිකාවේ විස්කොන්සින් වල ලාකොස් කියන නගරය තුළයි.

ඒ වගේම ඔහුගේ මව දුෂ්ඨ ගති පැවතුම් වලින් යුත් පිස්සුවෙන් මෙන් ආගම අදහපු කාන්තාවක්. එම නිසා කුඩා කල සිටම ඔහු හිරකරුවකු සේ හැදී වැදුණු අතර ඔහුගේ මව වියරුවෙන් මෙන් පාපය සහ තෘෂ්ණාව පිලිබඳව පවසන දේවල් අසා ගෙන සිටීමට සිදු වුණා. හුදකලාවෙම ළමා කාලය ගෙවපු ඔහුට මිතුරන් දෙදෙනකු හෝ තුන්දෙනකුට වඩා සිටියේ නැහැ. ගෙන් ගේ පවුලේ අය ගොවිපළක නිවසක් වෙත ගිය නිසා ඔහු තවත් හුදකලා වුණා.

ඔහුගේ මව දැඩිව කටයුතු කළත් ගෙන් ඇයට ඉතාමත්ම ආදරය කළා. මව ඔහුට සැම විටම පවසා සිටියේ වෙනත් කාන්තාවන් සමඟ සම්බන්ධයක් පවත්වන එක බරපතල පාපයක් බවයි. ඒ වගේම තමන් හැරෙන්නට අනිකුත් සියලුම කාන්තාවන් ගණිකාවන් බවත් ඔවුන් ඇසුරු කිරීම යක්ෂයා ඇසුරු කිරීමට හා සමාන බවට ඇය ගේන් ට පවසා තිබුණා.

හැදෙන වයසේ කුඩා දරුවකුගේ මනසට ඇතුල් කරපු එම අදහස යහපත් එකක් නොවෙයි. එම කාලය වන විට ගේන් ගේ පියා හදිසියේම මරණයට පත් වුණා. එම නිසා ඔහු සහ මව පමණක් ඉතුරු වුණා. නමුත් ඔහුගේ මවත් හදිසියේම රෝගාතුර වුණු නිසා ඇයව රැකබලාගැනීමට රැකියාවක් කිරීමට ඔහුට සිදු වුණා. එම කාලයේදී ඔහු පොත් පත් කියවීමට පෙළඹුණා. නමුත් නාසි වරුන් සහ මිනී මස් කන්නන් පිළිබඳ පොත් පත් කියවීමට තමයි ඔහු වැඩිපුරම උනන්දුවක් දැක්වුයේ.

අවසානයේදී ඔහු මෙළොව තනිකරමින් 1945 වර්ෂයේදී ඔහුගේ මවත් මරණයට පත් වෙනවා. වසර කිහිපයක්ම ඔහු සාමාන්‍ය පරිදි ගොවිපලේ සහ රැකියා කටයුතු කරන අතර ඉන් පසුව ඉතාමත්ම අමුතු දෙයක් ඔහුගේ විනෝදාංශය බවට පත් වුණා. එනම් ඔහු ඔහුගේ මව ලෙස හැසිරීමට පෙළඹීමයි. එය ඔහුගේ සියලුම සහාසික ක්‍රියාවන් වල ආරම්භය ලෙස හදුන්වන්නට පුළුවන්.

1957 වර්ෂයේදී හදිසියේම එම ප්‍රදේශයේ විසු බර්නිස් වොර්දන් නමැති කාන්තාවක් අතුරුදහන් වුණා. එම කාන්තාවගේ පුතා පොලීසිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ අවසාන වතාවට මව එඩ්ගේන් සමඟ සිටි බවයි. ඔහුව වහාම අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ගොවිපලද පරික්ෂාවට ලක්කළා.

එහිදී වෙඩි තබා ඝාතනය කල බර්නිස් වොර්දන් ගේ සිරුර සතෙකු මෙන් එල්ලා තිබුණා. වාර්තා වෙන විදිහට ඇයගේ සියලුම ශරීර ඉන්ද්‍රියයන් ගලවා ඉවත් කර තිබුණු අතර හිසේ සිට දෙපතුල දක්වාම සිරුර විකෘති කර තිබුණා. එම දසුන සියැසින්ම දුටු පොලිස් නිලධාරියෙකු සඳහන් කර තිබුණේ, කකුල් වල තිබු බල නහරය කපා දමා ඒ අතරින් කම්බියක් යවා තිබු බව සහ පහතට එල්ලමින් තිබුණු සිරුරේ හිස කඳින් වෙන් කර තිබු බවයි. ඇයගේ හිස පසුව ගෝනි මල්ලක තිබී හමුවුණා. නමුත් ඔහුගේ නිවස තුළට ඇතුල්වූ පසුව ඊටත් වඩා භයානක දෙයක් දුටුවා.

එනම් කාන්තා හිස් 5ක් සහ හිස් කබල් 4ක්. නමුත් ඉතාමත්ම පිළිකුල් සහගත දේනම් වෙස් මුහුණක් ලෙස පැළදිය හැකි ලෙස කපාගත් මුහුණේ සම්පුර්ණ සම කොටස් කිහිපයක් ද හමු වී තිබිමයි. එම වෙස් මුහුණු පැළදීම ඔහුගේ විනෝදංශයයි. ඇසින් දුටු අය පවසන්නේ එම වෙස් මුහුණු වල තොල් ආලේපන පවා තිබුණු බවයි. එම මියගිය කාන්තාවන් හඳුනනවා නම් එම මියගිය කාන්තාවන්ගෙන් සෑදුනු වෙස් මුහුණු දිහා බලා ඔවුන්ව හදුනාගන්නට හැකියාව තිබුණු බවට වැඩිදුරටත් සඳහන් වනවා.

එපමණක් නොවෙයි ඔහුගේ නිවසේ තිබී තවත් බොහොමයක් වූ භායනක දේවල් ඔවුන්ට හමුවී තිබෙනවා. මිනිසුන්ගේ සමෙන් සැදූ ලාම්පු මුවාවන්, පුටු කවර සහ කුණු කූඩ ද ඒ අතර වුණා. ඒ වගේම ඔහුගේ මුළුතැන්ගෙය තුළ තිබි හිස් කබල් වලින් හදපු භාජනද හමුවුණා.

තවද කාන්තා මිනිස් සමෙන් හදපු ඇඳුමක්ද හමුවුණා. එය ඔහු නිර්මාණය කරන්නට ඇත්තේ තමන්ගේ මව සිහිපත් කිරීමටයි. එසේ නොමැති නම් එය පැළඳ ගෙන ඔහුගේ මව බවට පත් වීමටයි. ඔහු විසින් නිපදවූ පිළිකුල් සහගත දේවල් මෙතකැයි කියන්නට බැහැ.

කාන්තා තනපුඩු වලින් සෑදූ බෙල්ට් පටියක්, කාන්තා නාසයක් සහ යෝනි මුඛයන් ගෙන් යුත් එකතුවක්ද හමුවුණා. ඒ සියලුම දේවල් නිර්මාණය කිරීමට අදහස වුයේ ඒවා පැළඳ ඔහුට කාන්තාවක් වීමට තිබූ කැමැත්තයි. එසේත් නොමැති නම් අම්මා බවට පත් වීමටයි.

ඔහුම එය පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු ඉහත කල සියලු නිර්මාණ කර තිබෙන්නේ ඔහුගෙන් ඝාතනය වූ කාන්තාවන්ගෙන් පමණක් නොවෙයි. මිනි වළවල් වලින්ද ඔහු කොටස් එකතු කර ගෙන තිබෙනවා.

අධිකරණය හමුවේදී ඔහු මානසික රෝගියෙක් බවට සිතීමට වැඩි කාලයක් ගියේ නැහැ.ඔහු පෙනහළු පිළිකාවකින් 1984 වර්ෂයේදී මරණයට පත් වෙනවා. ඒ මානසික රෝහලක් තුළයි.ඔහුගේ සිරුර බ්ලෙන්ෆිල් හී භූමදානය කර ඇති අතර පසුව සිරුරේ කොටස් අතුරුදහන් වී තිබෙනවා.

එයට හේතුව ඇමරිකානුවන් සහාසික මිනීමරුවෙකුගේ ශරීරයේ කොටසක් සිහිවටනයක් ලෙස තබාගැනීමට කැමැත්තකින් පසු වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here