Home Entertainment ‘ෆිල්ම් ෆෙයාර්’ හොඳම නළුවා රන්බීර් – නිළිය අලියා

‘ෆිල්ම් ෆෙයාර්’ හොඳම නළුවා රන්බීර් – නිළිය අලියා

776
0

බොලිවුඞ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 64 වැනි ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඊයේ (23) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

‘රාසී’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනා ගනු ලැබුවා.

එමෙන්ම අලීයා බාත්, රාසී චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවා.

හොඳම අධ්‍යක්ෂවරයා වූයේ රාසි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මෙඝානා ගුල්සාර්යි.

මෙවර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ රන්බීර් කපූර් වන අතර, ඒ ‘සන්ජු’ චිත්‍රපටයේ සංජේ දත්ගේ චරිතය නිරූපණය කරමින් කළ අපූරු රංගනය වෙනුවෙනි.

හොඳම නවක නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සාරා අලී ඛාන් වන අතර ඒ කෙදර්නාත් චිත්‍රපටය වෙනුවෙනුයි.

ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ විචාරකයන්ගේ තේරීම ලෙස හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘බාදායි හෝ’ චිත්‍රපටයේ නීනා ගුප්තායි.

පද්මාවත් චිත්‍රපටය වෙනුවෙන් රන්වීර් සිං විචාරකයන්ගේ තේරීම යටතේ හොඳම නළුවා ලෙස සම්මානය දිනාගනු ලැබුවා.

විචාරකයන්ගේ තේරීම යටතේ හොඳම චිත්‍රපටය වූයේ ‘අන්ධදුන්’ ය.

හොඳම නවක අධ්‍යක්ෂවරයා ලෙස ‘ස්ත්‍රී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අමාර් කෞෂික් සම්මානයට පාත්‍ර වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here