Home Local රිලා රංචු මාතලේ ව්‍යාපාරික නාම පුවරු ගළවයි – PHOTOS

රිලා රංචු මාතලේ ව්‍යාපාරික නාම පුවරු ගළවයි – PHOTOS

381
0

මාතලේ දිස්ත්‍රික්කයේ කලක් තිස්සේ පවතින රිලා උවදුර මේ වන විට ප්‍රධාන උප නගර රැසකට වඩාත් උග්‍ර අන්දමින් බලපා ඇතැයි ව්‍යාපාරිකයින් පවසනවා.

මාතලේ, පල්ලේපොල, මඩවල, රත්තොට, යටවත්ත, නාඋල ඇතුළු තවත් නගර රැසකට මෙම උවදුර ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

මුලදි ව්‍යාපාරික ස්ථාන වලින් බැහැර කරන අපද්‍රව්‍ය ආහාරය පිණිස රැගෙන ගිය රිලා රංචු මේ වනවිට වෙළද නාම පුවරැ වලට පවා හානි සිදුකරන තත්ත්වයට පත්ව ඇතැයි ඔවුන් පවසනවා.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පමණක් පාසල් දරැවන් 1500ට අධික පිරිසක් අධ්‍යාපන ලබන නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ අධ්‍යන කටයුතු සදහා ද රිලවුන්ගෙන් බාධා එල්ලවී ඇති බව එම පාලනාධිකාරිය අවස්ථා ගනනාවක දී අදාල බළධාරින් දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ පාසල් දරැවන් ජලය පානය කරන පොදු ජල කරාම වලින් රිලවුන් වතුර බීම, පොදු ගොඩනැගිලි වල උපකරණ වලට හානි සිදුකිරිම් ආදි ගැටළු රැසකින් ශ්‍රී නාග පාසලේ දරැවන් මනේම ගුරැවරැන් ද පීඩා විදින බව දෙමව්පියන් පවසනවා.

මේ වන විටත් නාඋල නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක නාම පුවරැ වලට හා එලවළු හා පලතුරැ වෙළදසැල් රැසකට රිලවුන්ගේ බලපෑම් එල්වී තිබෙනවා.

වෙළදසැල්වල භාණ්ඩ සොර ගෙන යෑම මෙහිදි ප්‍රධාන තැනැක් ගන්නා අතර කලට පෙර නොපැවති මෙම රිළා උවදුර මැඩලීම සම්බන්ධයෙන් වහාම අදාල පාර්ශව ක්‍රියාත්මක විය යුතු බවයි ව්‍යාපාරික ප්‍රජාව අවධාරණය කරන්නේ.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here