Home Local බස්රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් ගැබිණි කතක් ඇතුළු දෙදෙනෙකු මරුට – PHOTOS

බස්රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් ගැබිණි කතක් ඇතුළු දෙදෙනෙකු මරුට – PHOTOS

283
0

පෞද්ගලික බස් රථයක් නුවරඑළිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ, මහව්ව වත්ත ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් කරමින් සිටි ගැබිනි කාන්තාවක් ඇතුලු කුඩා තරුණයෙක් මරණයට පත්වී ඇති බව වලපනේ පොලීසිය පවසනවා.

බරපතල තත්වයෙන් රෝහල්ගත කිරිමෙන් පසුව මෙසේ මරණයට පත්ව ඇත්තේ, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අම්පාර ප්‍රදේශයේ සිට නුවරඑළිය බලා පිරිසක් රැගෙන සංචාරයක පැමිණ ඇති මෙම බස් රථයේ අනතුර සිදුවන අවස්ථාවේ කුඩා ළමයින් ඇතුලු මගීන් 61 දෙනෙක් ගමන් කරමින් සිට තිබෙනවා.

බස් රථයේ සිටි සියලුම පිරිස බරපතල තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් වලපනේ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය හා මහනුවර මහ රෝහල් වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

වලපනේ, මහව්ව ප්‍රදේශයේ බස් රථය අනතුරට පත්ව ඇති ස්ථානයේ වංගුවක් ගැනීමේදී ප්‍රපාතයට පෙරළී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන වලපනේ පොලීසිය පවසනවා.

මියගොස් ඇති ගැබිනි කාන්තාවගේ මළ සිරුර නුවරඑළිය මහ රෝහලේත් තරුණයාගේ මළ සිරුර වලපනේ රෝහලේත් තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතයි.

තිරිංඟවල ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව වපපනේ පොලීසිය සැකකරන අතර අනතුරෙන් බස් රථයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

ක්‍රිෂාණ්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here