Home Local අභියාචනාධිකරණයේ සභාපති ධුරයට යසන්ත කෝදාගොඩ

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට යසන්ත කෝදාගොඩ

345

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩගේ නම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් නිර්දේශ කොට ඇති අතර එම නිර්දේශයට කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර මහත්මිය ස්ථිර වශයෙන් එම තනතුරට පත් කිරීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවක නිර්දේශ කොට තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here