Home Hit අධිවේගී යතුරුපැදියක් රාජසන්තක කරයි

අධිවේගී යතුරුපැදියක් රාජසන්තක කරයි

706

ශ්‍රි ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධාවනය කිරිම සම්බන්ධයෙන් වරදකරුවු පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් රුපියල් 65000 දඩයක් නියම කර යතුරු පැදිය රාජසන්තක කිරිමට අද (25) නියෝග කරනු ලැබුවා.

ඔහු මෙම යතුරු පැදිය ධාවනය කරමින් සිටියදි මුර සංචාරයේ යෙදිසිටි ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් එය නවතා පරික්ෂා කිරිමේදි ඇතිවු සැකයක් නිසා ඒ පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසුවිට පවසා ඇත්තේ එවැනි අංකයක් යටතේ යතුරු පැදියක් ලියා පදිංචිකර නොමැති බවයි.

පසුව ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා යතුරු පැදිය පරික්ෂා කර බලා මෙය ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතවය 600කින් යුත් එකක් බවටත් ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ හැක්කේ එන්ජින් ධාරිතාවය 450 දක්වා පමණක් වන යතුරු පැදිවලට පමණක් බවටත් වාර්තාවක් ලබාදි තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව පවරා තිබු අතර ව්‍යාජ අංක තහඩුවක් සවි කිරිමේ චෝදනාවට රුපියල් 15,000ක්ද ලියාපදිංචි නොකරන ලද යතුරු පැදියක් ධාවනය කිරිමේ චෝදනාවට රුපියල් 50,000ක් වශයෙන් මෙසේ දඩ නියමව තිබෙනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here