Home World දූෂණ චෝදනා අස්සේ චොක්‌ලට්‌ කෑ අගමැති සමාව ඉල්ලයි

දූෂණ චෝදනා අස්සේ චොක්‌ලට්‌ කෑ අගමැති සමාව ඉල්ලයි

663

සිය රජයට එරෙහිව එල්ලව පවතින දූෂණ චෝදනාවක්‌ සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමක්‌ අතරතුරදී චොක්‌ලට්‌ බාර් එකක්‌ හොර රහසේ අනුභව කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කැනේඩියානු අගමැති ජස්‌ටින් ටෲඩෝ (Justin Trudeau) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයෑද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාර්ලිමේන්තුවේ රාත්‍රි කාලයේ පැවති ඡන්ද විමසීමකදී අගමැතිවරයා කිසිවක්‌ තම මේසය යට සඟවාගෙන අනුභව කරනු දුටු විපක්‍ෂ මන්ත්‍රී ස්‌කොට්‌ රීඩ් අගමැතිවරයා ඩෝනට්‌ හැඩයෙන් යුතු බටහිර කෙටි කෑමක්‌ අනුභව කරන බවට සභාවට ප්‍රකාශ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක්‌ පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජලය පමණක්‌ පානය කළ හැකි අතර ආහාර සභාවට ගෙන ඒම තහනම්.

“අගමැතිවරයා පාර්ලිමේන්තුව ද දූෂිත ස්‌ථානයක්‌ කිරීමට තැත් කරන” බව රීඩ් මන්ත්‍රීවරයා පැවසූ විටදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දැඩි සේ ඝෝෂා කර තිබෙනවා.

ඝෝෂාව මධ්‍යයේ කැනේඩියානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “මා සමාව අයදිනවා. ඒ චොක්‌ලට්‌ බාර් එකක්‌” යනුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here