Home World ජනපති රුව විකෘති කළ පාසල් දැරියන් තිදෙනෙකු සිරගෙට – PHOTOS

ජනපති රුව විකෘති කළ පාසල් දැරියන් තිදෙනෙකු සිරගෙට – PHOTOS

750

බුරුන්ඩි ජනාධිපතිවරයාගේ (Pierre Nkurunziza) රුව විකෘති කළ බවට චෝදනා කරමින් එරට පාසල් දැරියන් තිදෙනකු සිරගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගේ පාසල් පොතෙහි මුද්‍රණය කර තිබෙන බුරුන්ඩි ජනාධිපතිවරයාගේ රුව විකෘති කිරීම හේතුවෙන් රාජ්‍ය නායකයාට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

එම චෝදනාවට වැරැදිකරු වුවහොත් වසර 05ක සිරදඬුවමක්‌ හිමිවන බව සඳහන්.

මීට පෙරද මෙම ජනාධිපතිවරයාගේ රුව විකෘති කළ බවට චෝදනා කරමින් පාසල්වලින් දරුවන් සිය ගණනක්‌ ඉවත් කර ඇතැයි වාර්තාවනවා.

ලොව පුරා මානව හිමිකම් සංවිධාන මෙම සිද්ධියට විරෝධය දක්වා ඇතැයි සඳහන්.

Image result for burundi schoolgirls
Image result for burundi schoolgirls
Image result for burundi schoolgirls

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here