Home Local පුද්ගලයකුට පහරදුන් බද්දේගම පොහොට්ටු මන්ත්‍රි රිමාන්ඩ්

පුද්ගලයකුට පහරදුන් බද්දේගම පොහොට්ටු මන්ත්‍රි රිමාන්ඩ්

637

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර අප්‍රේල් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල විසින් ඊයේ (22) නියෝග කරනු ලැබුවා.

පුද්ගලයකුට දුරකතනයෙන් තර්ජනය කර පහරදී තුවාල සිදුකිරිම සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

වඳුරඹ, පන්විල පදිංචි නල්ලපෙරුම තන්ත්‍රීගේ සනී සමන්ත යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පහරකෑමට ලක්වු පැමිණිලිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයා පසුගිය (21) වනදා පැමිණිලිකරුට දුරකතනයෙන් මරණ තර්ජනය කර පසුව අයුතු අවහිරය කර පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්න්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here