Home Local ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයාට වැඩ වරදියි

ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයාට වැඩ වරදියි

958
0

ජනාධිපතිවරයා පෙරේදා (21) ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගයේ කෙසෙල් පැළ 04ක්‌ සිටවූ තරුණයකු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (22) මනම්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වනදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අරලගංවිල, විජයබාපුර පදිංචි ආර්. එම්. සරත් රත්නායක නමැති එම තරුණයා විජයබාපුර සිට අරලගංවිල දක්‌වා පාර අබලන් වී අධික දූවිලි සහිත මාර්ගයක්‌ වීම නිසා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමේ අදහසින් මෙලෙස කෙසෙල් පැළ 04 ක්‌ මාර්ගය මැද සිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

එම සිද්ධිය අරලගංවිල පොලිසියේ නිලධාරියකු දැකීමෙන් පසු සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර මනම්පිටිය මහෙස්‌ත්‍රාත් එස්‌. අසේල ද සිල්වා විසින් එම තරුණයා ලබන 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

 එස්‌. රණතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here