Home Hit කාදිනල්තුමාට නව තනතුරක්‌

කාදිනල්තුමාට නව තනතුරක්‌

567

ආසියානු කතෝලික රදගුරු සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පත් කර තිබෙනවා.

ඉතාලියේ රෝම නුවර පැවැති මෙම සම්මේලනයේ මධ්‍යම කමිටු රැස්‌වීමේදී ශ්‍රී ලංකා කතෝලික සභාව වෙනුවෙනුයි කාදිනල්තුමා මෙසේ පත්කර ඇත්තේ.

මේ පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් කළ කරුණු විමසීමකදී එතුමා කියා සිටියේ රටවල් අතර සිදු කෙරෙන සබඳතා තහවුරු කර ගැනීමට මෙම තනතුර රුකුලක්‌ වෙන බවයි.

මීට කලකට පෙර මෙම සම්මේලනයේ ලේකම්වරයා ලෙස එවකට ඔස්‌වල්ඩ් ගෝමිස්‌ විශ්‍රාමික අගරදගුරුතුමන්ද ක්‍රියාකර තිබෙනවා.

මේ අතර ආසියා රදගුරු සම්මේලනයේ මෙවැනි තනතුරක්‌ හිමිවීම පිළිබඳව කාදිනල්තුමාට රදගුරුතුමන්ලා මෙන්ම කතෝලික සභා පූජා ප්‍රසාදිවරුන් සහ කිතුණු බැතිමතුන්ගෙන් සුබ පැතුම් ගලා ඒමට පටන්ගෙන ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here