Home Hit ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනාගනියි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනාගනියි

360

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් ඉදිරිපත් කළ වීඩියෝ පට 03ක් ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

”ගෝල්ඩන් සිටි ගේට්ස්” නැමැති ලොව විශාලතම වෙළඳ සංචාරක ප්‍රදර්ශනය 19 වන වරටත් ජර්මනියේ බර්ලින් නුවර පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රවර්ධන වීඩියෝව, ඉන්දියාව මූලික කර ගනිමින් සිදුකළ රූපවාහිනී සිනමා දැන්වීම සහ 2018 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් මැරතන් තරගය සදහා නිර්මාණය කළ වීඩියෝව මෙසේ ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වය දිනූ නිර්මාණයි.

මීට පෙර අවස්ථා 02කදී ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ නිර්මාණශීලී වීඩියෝපට සදහා ජාත්‍යන්තර තරු සම්මාන හිමි වී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here