Home Hit ගෝඨාගේ අපේක්ෂකත්වය නිසා මහින්ද හිරවෙයි

ගෝඨාගේ අපේක්ෂකත්වය නිසා මහින්ද හිරවෙයි

645

ජනාධිපති අපේක්ෂකයා ගැන එකාබද්ධ විපක්ෂය තුළ කිසිඳු නිල සාකච්ජාවක් සිදු නොවී තිබියදී විසින් ගෝඨාභය තෝරාගත් බවට ප්‍රචාරය කිරීමත් සමග මහින්ද රාජපක්ෂ බලවත් දේශපාලන හිරවීමකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

මෙම ප්‍රචාරයත් සමගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර පැයකට අධික දීර්ඝ සාකච්ඡාවක් පසුගිය සදුදා (18) පවත්වා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

එම සාකච්ඡාවෙන් පසුව දේශපාලන තත්වය සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් ද ජනාධිපතිවරයා හමු වී ඇතත් ඊට මහින්ද රාජපක්ෂ සහභාගී වී නැහැ.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගත් බවට ප්‍රචාරය වීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු මේ පිළිබඳ මහින්ද රාජපක්ෂගෙන් විමසා ඇතත් ඔහු ඊට නිශ්චිත පිළිතුරක් දී නොමැති බව සඳහන්.

ඔහු පැහැදිලි ප්‍රකාශයක් නොකිරීමත්, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයෙන් පිට තීරණ ගනිමින් සිටීමත්, ශ්‍රීලනිප සන්ධානගතවීමේ සාකච්ඡා සාමාන්‍ය හමුවීම් බවට පත්ව තිබීමත්, මෛත්‍රී – මහින්ද හවුලට බරපතල ලෙස බලපා ඇතැයි වාර්තා වනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තවම නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවත්, තවමත් තමන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ චමල් රාජපක්ෂට බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර
පවසනවා.

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here