Home World භයානක අනතුරු 07කින් බේරී අවසානයේ මිලියනපතියෙක් වුණු වාසනාවනතයා

භයානක අනතුරු 07කින් බේරී අවසානයේ මිලියනපතියෙක් වුණු වාසනාවනතයා

690
0

වාසනාව කියන දේ හැමෝම හොයන දෙයක්. අපි ලොකු අනතුරකින් කිසිම දෙයක් නොවී බේරුනොත් අපි කියනවා ඒක වාසනාව කියලා.. නැත්තම් අපි සෑහෙන්න ආසාවෙන් ඉන්න දෙයක් නොහිතපු විදිහට ලැබුනොත් අපි කියනවා ඒක වාසනාව කියලා.. වාසනාව ලැබෙන වේලාවක් අපි කාටවත් හිතා ගන්න බෑ.

මේ කියන්න යන පුද්ගලයා ඇත්තටම වාසනාව අතේ තියාගෙන සිටි පුද්ගලයෙක්.. මරණයෙන් 07 වතාවක් ගැලවෙනවා. විශාල ලොතරැයි දිනුමක් ද දිනා ගන්නවා. ජිවිත කාලය පුරාම වාසනාව නිසාම සතුටින් සිටි මනුස්සයෙක් කියලා ඔයාලාට මේ කතාව කියවද්දී හිතෙයි..දැවැන්ත පිපිරිම්, ප්‍රපාත වලින් වැටිම් වලින් දිවි ගලවා ගෙන එන පුද්ගලයන් ඉන්නේ සමාන්‍යෙයන් චිත්‍රපටි වල විතරයි.. ඒත් මේ පුද්ගලයා සැබෑවටම සිටි කෙනෙක්. ඔහු නමින් Frane Selak (ෆ්‍රෑන් සැලැක්) සංගීත ගුරුවරයෙක්. ඔහු ඉපදෙන්නේ වර්ෂ 1929 ද‍‍‍ි නැගෙනහිර යුරෝපියානු රටක් වෙන Croatia වල දී. ඉතාමත් සමාන්‍ය ජිවිතයක් ගත කරපු මේ ෆ්‍රැන් සැලැක් ට වාසනාව ජිවිතයට එන්න ගන්නේ 1962 දී..ඔහු දැවැන්ත අනතුරු 07කට මුහුණ දෙනවා, දිවි ගලවා ගැත නොහැකි තරමේ අනතුරු කිහිපයකට.. ඒත් ෆ්‍රැන් සැලැක් මේ හැම අනතුරකින් ම දිවි ගලවා ගන්න සමත් වෙනවා..

මේ ඒ අනතුරු ටිකයි,

|වර්ෂ 1962 ඔහු ගමන් ගත් දුම්රිය පීලිපැනලා ඒ අසල තිබුනු ගගකට පෙරළෙනවා. 17 දෙනෙකු එදා අනතුරින් මිය ගියා. ඒත් ෆ්‍රෑන් දිවි ගලවා ගැනීමට සමත් වෙනවා…

|වර්ෂ 1963 දී ඔහු ගමන් ගත් ගුවන් යානය අනතුරට පත් වෙනවා. 19 දෙනෙකු මිය යනවා. නමුත් සැලැක් එදා ගුවන් යානයෙන් එදා පැන ගන්නට සමත් වෙනවා. ඔහු එදත් දිවි ගලවා ගැනීමට සමත් වෙනවා.

|වර්ෂ 1966 දී ඔහු ගමන් ගත් බස් රථය පෙරළි 04 දෙනෙකු මිය යනවා. එදත් ෆ්‍රෑන් සැලැක් ජිවිතය ගලවා ගන්න සමත් වෙනවා.

|වර්ෂ 1970 ඔහු ගමන් ගත් කාර් රථය හදිසි ගිණි ගැනීමකට ලක් වෙනවා. කාර් එක පුපුරන්න කළින් ඔහු එයින් පැන ගන්නට සමත් වෙනවා. ඔහු එදත් දිවි ගලවා ගැනීමට සමත් වෙනවා.

|වර්ෂ 1973 නැවත වරක් ඔහුගේ කාර් රථය ගිනි ගනී.. දැවැන්ත ගිනි ජාලවකින් එළියට ඇවිත් නැවතත් ඔහු දිවි ගලවා ගන්නට සමත් වෙනවා.

|වර්ෂ 1995 ඔහුව බස් රථයක හැප්පෙනවා. ඒත් ඔහු දිවි ගලවා ගැනීමට සමත් වෙනවා.

|වර්ෂ 1996 ඔහු ගමන් ගත් කාර් රථය ඉදිරියට පැමිණි ට්‍රක් රථයක් නිසා ඔහුගේ කාර් රථය පාලනයක් නොමැතිව අඩි 300ක පමණ ප්‍රපාතයකට වැටෙනවා. කාර් රථය නිසා ප්‍රපාතයට වැටී පුපුරා යනවා. ඒත් ඔහු ප්‍රපාතයේ තිබු ගසක එල්ලි ජිවිතය ගලවා ගැනීමට සමත් වෙනවා.

මේ සෑම අනතුරකින් ම ඔහුට ඇති වුනේ පුංචි තුවාල කිහිපයක් විතරයි. ඔහුගේ ජිවිතය නම් පුදුමයක් කියලා හිතෙනවා ඇති ඔබට.. ඔහුට මේ අනතුරු වලින් පසුවත් ජිවිතේ වාසනාව නැති වෙන්නේ නෑ. වයස අවුරුදු 74 දී ඒ කියන්නේ 2003 දී ඔහුට ලොතරැයි දිනුම් ඇදීමක් ජයග්‍රහනය කිරීමට ලැබෙනවා. £600,000 ක මුදලක් ඔහුගේ ජිවිතයම සතුටින් ගෙවා දමන්නට තරම් විශාල මුදලක් ඒක.

“මගේ වයසත් එක්ක මට අවශ්‍ය වන්නේ මගේ කත්‍රිනා විතරයි.. මුදල් වලට හැමදෙම වෙනස් කරන්න බෑ..“ ඔහු කියා සිටියා. ෆ්‍රෑන් එයාගේ ජිවිතේ පළමු ලොතරැයි ජයග්‍රහණයෙන් පස්සේ එයා ඒක එයාගේ 5 වෙනි විවාහය වූ කාන්තාව සමග සැමරුවා කියලා සදහන් වෙනවා.. ෆ්‍රෑන් සැලැක් කියලා තිබුනේ ඔහු දික්කසාද වූ අනිත් හැම විවාහයක් ම ඔහුගේ අනතුරු වලට වඩා භයානක අනතුරු බවයි.කොහොම වුනත් වාසනාව ජිවිතේ පුරාවටම තිබූ මේ අපුරු මිනිසා 2010 වසරේ දී 81 වැනි වියේ දී ජිවිතේ වාසනාවට තිත තබනවා. ඔහුගේ මුදල් හා සියලු දේ පවුලේ අය සහ මිතුරන් අතර බෙදා දුන් මේ පුද්ගලයා ජිවිතයෙන් සමු ගන්නවා..

සටහන|සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here