Home Local අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ කල්යයි

අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ කල්යයි

317
0

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ මේ මස 27 හා 28 දක්වා කල්ගොස් ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

මෙම සම්මුඛ පරීක්ෂණ ඊයේ (21) සහ අද (22) පැවැත්වීමට නියමිතව තිබුණද ඇතැම් අයදුම්කරුවන්ට කැඳවීම් ලිපි නොලැබීම නිසා එම දිනයන් කල් දැමූ බවයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ සඳහන් කර සිටියේ.

මෙම තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති අතර සම්මුඛ පරීක්ෂණය සඳහා ඉන් 79ක් තෝරාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here