Home Local මුතුහෙට්ටිගමට එරෙහි නඩුව සැප්තැම්බරයේ සිට දිගටම විභාගයට

මුතුහෙට්ටිගමට එරෙහි නඩුව සැප්තැම්බරයේ සිට දිගටම විභාගයට

296

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 16,17,18 යන දිනවල දිනපතා විභාගයට ගැනීමට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක විසින් ඊයේ (21) නියෝග කරනු ලැබුවා.

පුද්ගලයකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

දකුණු පළාත් සභාවට නියෝජිතයින් තෝරා පත්කර ගැනිම සඳහා 2009 පැවති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකු වු සජින් වාස් ගුණවර්ධනගේ ගල්ලන්දල කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු කටයුතු කරමින් සිටියදි සිද්ධිය වු දින උදෑසන විත්තිකරුවන් පැමිණ මුතුහෙට්ටිගමගේගේ කාර්යාලයක් කැඩු බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන සාපරාධි බලහත්කාරය පා ඇති බව පැමිණිල්ල කියා සිටියා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here