Home Local LTTE ආයුධ සොයා මුල්ලිවයික්කාල් නිවසක් හාරයි – PHOTOS

LTTE ආයුධ සොයා මුල්ලිවයික්කාල් නිවසක් හාරයි – PHOTOS

282
0

LTTE සංවිධානය අවසන් යුධ සමයේ වළ දමා ඇති ආයුධ සඟවා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (21) මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ නිවසක කැනීම් කළ බව මුලතිව් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත ‍‍පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් යොදා අදාළ නිවස තුළ කැනීම් කළ අතර ඒ තුළින් ආයුධ කිසිවක් හමුනොවු බවයි.

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ LTTE සංවිධානයේ අවසන් ක්‍රියාකාරකම් රැසක් සිදුකළ අතර, අදාළ තොරතුරු මත කැනීම සිදුකළ බවද පොලිසිය කියා සිටියා.

පොලිසිය පැවසුවේ ‍අදාළ ස්ථානයෙන් කිසිවක් හමුනොවු බැවින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය ඊයේ සවස වසා දැමු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here