Home Hit ශ‍්‍රීලනිපය – පොහොට්ටුව කරුණු 20කට එකඟ වෙයි

ශ‍්‍රීලනිපය – පොහොට්ටුව කරුණු 20කට එකඟ වෙයි

658
0

ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) පැවැති සාකච්ජාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20ක් සඳහා එකගතාවකට පැමිණීමට හැකිව තිබෙනවා.

ඊයේ දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡුාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡුාවට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයින් සඳහන් කර සිටිනවා.

මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව එකගතාවයන්ට පැමිණීම පිළිබඳව ඊයේ දිනයේ සාකච්ඡුා වූ බවයි එම නියෝජිතයින් සඳහන් කළේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලූ පළාත් පාලන ආයතනවල දෙපාර්ශවය එක්ව වැඩකිරීමේ ක‍්‍රමවේදයක් ඇති කරගෙන ඒ තුළින් ජනතා විශ්වාසය ගොඩනැ`ගීමට හැකි බවත් මෙහිදී සාකච්ඡුා වී තිබෙනවා.

දෙපාර්ශ්වය අතර ඊයේ පැවැති සාකච්ඡුා සාර්ථකව අවසන් වූ බවත් මීළග සාකච්ඡුාව එළඹෙන අපේ‍්‍රල් මස 10 වනදා පැවැත්වීමටත් තීරණය වූ බවත් එම නියෝජිතයින් සඳහන් කර සිටිනවා.

මෙම සාකච්ඡුාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන පිරිස සහභාගී වී තිබෙනවා.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ මෙම සාකච්ඡුාව පැවැත්වුණා.

අනුර බාලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here