Home Local මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මතයි

මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මතයි

358

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07ක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (21) ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුළුව බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තය යන රටවල් එම යෝජනාවේ සම අනුග්‍රහකත්වය දරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් නම් කර ඇති වාර්තාව එලෙස සම්මත වුණා.

සම්මත වූ එම යෝජනාවෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වසර 02ක් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර 46 වැනි සැසිවාරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිල වාර්තාව පෙරේදා (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා.

හර්ෂණ තුෂාර සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here