Home Hit වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය අගමැතිගෙන් ඇමති රිෂාඩ්ට

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය අගමැතිගෙන් ඇමති රිෂාඩ්ට

602

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හට දැනට ඔහු දරණ අමාත්‍යංශය විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන විෂය ද පවරා තිබෙනවා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන්ගේ නව අමාත්‍යංශය වන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයයි.

අග්‍රාමාත්‍යවරයාගේ නව අමාත්‍යාංශය වන්නේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයයි.

ඉකුත් 18 වනදා අගමැතිවරයා සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමන් පෙර දැරූ අමාත්‍යංශ වලින් ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here