Home Local ගාල්ල මහා නගරසභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රිවරුන් දීමනා වැඩිකර ගනියි

ගාල්ල මහා නගරසභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රිවරුන් දීමනා වැඩිකර ගනියි

327
0

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ඇතුලු සභිකයින්ට දිනපතා පුවත්පත් 02ක් ගැනිම සඳහා මසකට රුපියල් 2000ක දිමනාවක් ලබා ගැනිමටත් දැනට මසකට දෙනු ලබන රුපියල් 3000 ඉන්ධන දිමනාව රුපියල් 7500දක්වා වැඩිකර ගැනිමටත් මෙවර පැවති මාසික සභා රැස්විමේදි යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 26 දෙනෙකුගේ අත්සනින් මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කර තිබු මෙම ඉල්ලිම කාරක සභාව විසින් පිළිගෙන එය පළාත් පාලන විෂය බාර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යැවිමට තිරණය කොට මහා සභාවටද ඉදිරිපත් කොටයි සම්මත කරගෙන ඇත්තේ.

ඔවුන් පවසන්නේ දැනට තමන්ට ලැබෙන රුපියල 3000 ඉන්ධන දිමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

එයට අමතරව රුපියල් 10000ක උපරිමයකට යටත්ව මාසිකව දුරකතන දිමනාවක්ද රුපියල් 3000ක ඉන්ධන දිමනාවක්ද ලැබෙනු ඇති.

මේ සම්බන්ධයෙන් වරිපනම් ගෙවන ගාලු ජනතාව පවසන්නේ ජනතාවට සේවය කිරිමට යයි පවසා පැමිණ තමන්ගේ දිමනා වැඩිකර ගැනිම බලවත් අසාධාරණයක් බවයි.

ෆර්හාන් නිසාම්දින් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here