Home Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ඔස්ට්‍රේලියාවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ඔස්ට්‍රේලියාවෙන්

687
0

ලබන මැයි මස 30 වනදා එංගලන්තයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් රික්ෂන් කටයුතු කරනු ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගයකින් වාර්තා වනවා.

ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ දකුණු අප‍්‍රිකාව සමග එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ක‍්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබුවා.

හතුරුසිංහ ලංකාවට පැමිණි පසුව දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන 20 – 20 තරග තුනේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්ෂන් පත්කර තිබෙනවා.

හතුරුසිංහ සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළ සාකච්ඡුා අසාර්ථක වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වන අතර ඔහුගේ සේවා කාලය තුළදී කණ්ඩායමේ ඇති වූ ගැටුම් සහ පසුබැසීම් සම්බන්ධයෙන් විවිධ අදහස් අදාළ සාකච්ඡුාවේදී හුවමාරු වී ඇතැයි වාර්තා වන අතර ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විසින් හතුරුසිංහ සම්බන්ධයෙන් ලබාදී ඇති චරිත සහතිකය අනුව ලෝක කුසලානයේදී පුහුණුකරු මාරු කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

උද්ගත වී ඇති තත්ත්වය අනුව ලෝක කුසලානයේදීත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්ෂන් කටයුතු කරනු ඇතැයි වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හැකි ඉක්මනින් ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලාපොරොත්තුවෙන් පසුවනවා.

කෙසේ වෙතත් 2020 වසර දක්වා කොන්ත‍්‍රාත් අත්සන් කර ඇති චන්දික හතුරුසිංහව ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඔහු සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එළැඹ ඇත ගිවිසුම ප‍්‍රකාරව 50% ක ගාස්තුවක් ඔහුට ගෙවීමට සිදුවනු ඇති.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ හතුරුසිංහ විසින් ඉදිරියේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වනවා.

ඉකුත් දෙසැම්බර් මස 07 වනදා සිට ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් පත්වූ ස්ටීව් රික්ෂන් ඊට පෙර පාකිස්තානයේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇති අතර ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේද පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබෙනවා.

මේ වන විට 65 වැනි වියේ පසුවන ස්ටීව් රික්ෂන් ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්වල උපත ලබා ඇති අතර ඔහු ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13 ක් ක‍්‍රීඩාකර, එක්දින තරග 06කට සහභාගි වී තිබෙනවා.

කඩුලූ රකින්නකු ලෙස ක‍්‍රියා කර ඇති රික්ෂන් 1985 දීයි ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී ඇත්තේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ලෝක කුසලානයේදී වෙනස් කිරීමට නියමිත අතර ඇතැම් ක‍්‍රීඩකයන් හිටපු පුහුණුකරුවා යටතේ නායකත්වය භාර ගැනීමට අකමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද සඳහන්.

අසේල විතාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here