Home Local ඩිජිටල්කරණ වූ කොළඹ මහජන පුස්තකාලය

ඩිජිටල්කරණ වූ කොළඹ මහජන පුස්තකාලය

406
0

ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project) කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ කර තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ යටතේ කොළඹ මහජන පුස්තකාලය මගින් පාඨකයින්ට ලබා දෙන සේවාවන් රැසක් ඩිජිටල් ඩිජිටල්කරණය කර තිබෙනවා.

මේ අනුව සෑම සාමාජිකයෙකුටම පරිගණක ගත පුස්තකාල සාමාජික අංකයක් හිමිවන අතර මෙම ඩිජිටල්කරණය නිසා පොත්පත් තෝරා ගැනීමට වැය වන කාලය ඉතා අවම වනු ඇති.

එසේම අන්තර්ජාලය ඔස්සේ පුවත්පත් කියවීමේ පහසුකම මෙන්ම ලොව ප්‍රකට සගරා ශ්‍රාස්ත්‍රීය ලිපි වාර ප්‍රකාශන ටැබ් යන්ත්‍ර ඔස්සේ පරිශ්‍රීලනය කිරීමේ පහසුකම පාඨකයින්ට මෙමඟින් හිමිවනවා.

තවද දුර්ලභ තොරතුරු අඩංගු මුද්‍රිත ලිපි ලේඛන පත පොත ආදියෙහි මෘදු පිටපත්ද පරිශ්‍රීලය කිරීමටද මෙහිදී හැකියාවක් ලැබෙනු ඇති.

විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ හැදෑරීමේ අවස්ථාද මෙහිදී දරුවන්ට උදාවී ඇති අතර ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී පෙරේරාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරුණා.

මීට අමතරව කුරුණැගල, පොළොන්නරුව, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල ඉදිරි මාස කිහිපය තුලදී මෙම ඩිජිටල් පුස්තකාල ස්ථාපිත කිරීමට නියමිතව ති‍බෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here