Home Local ශ‍්‍රී ලංකා රජය නිසි වාර්තා දුන්නොත් මහේන්ද්‍රන් පිටුවහල් කරන බව සිංගප්පූරු රජය...

ශ‍්‍රී ලංකා රජය නිසි වාර්තා දුන්නොත් මහේන්ද්‍රන් පිටුවහල් කරන බව සිංගප්පූරු රජය කියයි

277
0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළව සිංගප්පූරුවට අවශ්‍ය නිසි වාර්තා හා ලේඛන ශී‍්‍ර ලංකා රජය මගින් ලබා දෙන්නේ නම් ඔහු පිටුවහල් කළ හැකි බව සිංගප්පූරු රජය පවසනවා.

ශී‍්‍ර ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අවශ්‍ය වැරදිකරුවන් පිටුවහල් කිරීමට සිංගප්පූරුව නීතියෙන් බැඳී සිටින අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට රැකවරණය සලසන බවට ජනපති මෛති‍්‍රපාල සිරිසේන කළ චෝදනාව සිංගප්පූරු රජය මගින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ඩොලර් මිලියන 74ක මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන්ට සිංගප්පූරුව රැකවරණ සලසන බවට ජනපතිවරයා චෝදනා කළේ පසුගිය සඳුදා (18) දිනයේදීයි.

එහෙත් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් ඊයේ සඳහන් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති පිටුවහල් කිරීමට අදාළ නිසි ලියවිලි මෙතෙක් ශී‍්‍ර ලංකා රජය විසින් ඉදිරිපත් කර නොමැති බවයි.

මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළව සිංගප්පූරුවට අත්‍යවශ්‍ය ලේඛන කිසිවක් සම්පූර්ණ කිරීමට ලංකාවේ රජයට නොහැකි වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයා සඳහන් කර ඇතැයි එරට ද ‘ස්ටේ‍්‍රට් ටයිම්ස් පුවත්පත’ වාර්තා කර සිටිනවා.

මේ බැඳුම්කර වංචාව නිසා ශී‍්‍ර ලංකා රජයට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 115ක් බව ගණන් බලා තිබෙනවා.

ඉදිරියේදී හෝ අදාළ පුද්ගලයාට එරෙහිව නිසි තොරතුරු සපයනු ඇතැයි සිංගප්පූරුව බලාපොරොත්තු වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

චතුර පමුණුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here