Home World ලොව දරුණුම ළමා අපරාධකරුවන්

ලොව දරුණුම ළමා අපරාධකරුවන්

1159

අපරාදකරුවෙක් කිව්වාම අපිට සිහියට නැගෙන්න හැඩි දැඩි රැවුල වවාගත් මිනිසුන්ය.එත් මේ කතා කරන්න යන්නේ වැඩිවියට වත් පත් නොවුණු ළමා කාලයේ ගත කරයුතුව තිබුනත් සිරමැදිරිවල කාලය ගත කරන්න සිදු වුනු ලොව දරුණුම ළමා අපරාධකරුවන් ගැනය .

01- Joshua Phillips


1998ට වසරේ නොවැම්බර් මාසයේ වයස අවුදුරු 14ක් වන Joshua කියන තරුණයා, තම අසැල්වැසි නිවසේ අවුරුදු 8ක් වයසැති මැටී යන ගැහැණු ළමයාව මරාදැමීම

සිදුවීම – මේ දවසේ Joshuaයි මැටී කියන ගැහැණු ළමයි බේස් බොල් ක්‍රීඩාව කර කර ඉදල තියනවා.ඒත් තමන්ගෙ දුව හවස් වෙනකනුත් ගෙදර ආවෙ නැති නිසා එයාගෙ අම්මා ඇවිත් Joshua ගෙන් අහනව මැටී ගැන විස්තර.Joshua ගෙන් ලැබුනු පිළිතුර සැක සහිත නිසා වහාම ඇය පොලිසියට වාර්ථා කරනවා.කොහොම හරි සතියක් යනකන් මැටී කියන අවරුදු 8ක ගැහැණු ළමයව හොයාගන්න හම්බවෙන්නෙ නෑ.ඒත් දවසක් Joshua අම්මා, Joshuaගෙ කාමරෙන් අමුතු ගදක් එනව තේරිලා පරීක්ෂා කරල බලනවා.එතකොට තමයි මැටීගෙ මල සිරුර Joshuaගෙ ඇද යට ඉටිකොල වලින් ඔතල තියනවා හොයාගන්නෙ.මරණ පරීක්ෂණයට අනුවනම් Joshua මේ ගැහැණු දරුවට ලිංගික හිරිහරයක් කරල නෑ.මරල තියෙන්නෙ බේස් බෝල් බැට් එකෙන් ගහලයි.තව ශරීරය පුරාම පිහි පාරවල් තිබිල තියනවා.Joshua Phillips මේ වෙනකොට වයස අවුරුදු 14ක් නිසා මරණ දඩුවම නියම කිරීමට හැකියාවක් නෑ.ඒත් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වනවා.

02- Daniel Petry


Daniel Petry මානසිකරෝගයකට බෙහෙත් පාවිච්චි කරන අවරුදු 16ක තරුණයෙක්.මොහුගෙ හොදම යාලුවා තමයි Daniel ගේ නිවසට, නිවෙස් කීපයකට එහා හිටපු අවුරුදු 12ක ගේබ්‍රියල්.මොවුන් ඔන්ලයින් වීඩියෝ ගේම්ස් ගහන එක තමයි විනෝදාංශයට කරන්නෙ.දවසක් ගේබ්‍රියල්, Danielගෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් ණයට අරගෙන තියෙනවා.ගේබ්‍රියල්ගෙන් නැවතත් මුදල් ලැබෙන්නට තිබුනු දිනය පහුවීම නිසා Daniel ගේබ්‍රියල්ට දුරකථන ඇමතුමක් අරන් මුදල් ගැන අහනවා.ඒත් නිසි ප්‍රතිචාරයක් නැති නිසා Daniel, ගේබ්‍රියල්ගෙ ගෙදරට යනව.තමන්ට දෙන්න මුදල් නැති බව ගේබ්‍රියල්, Danielට කියල තියනව.මේ සිදුවීමෙන් ඇතිවුන ආවේගය නිසා Daniel, ගේබ්‍රියල්ව බොහෝම අමානුෂික විදියට ගේබ්‍රියල්ගෙ බෙල්ල වයර් එකකින් හිර කරල ඔහුව මරලා, අත්කියතින් කකුල් දෙක සහ අත්දෙක වෙන් වෙන්නම කපල දානවා.Daniel ලේ පෙරාගෙන නිවසින් පිටවෙනව දැකපු අසැල්වැසි නිවස් හිමිය තමයි පොලිසියට කොල් කරල කියන්නෙ.පොලිසිය ඇවිත් බලනකොට ගේබ්‍රියල් ලේ වහනය නිසාම මැරිල ඉවරයි.Daniel මානසික රොගියෙක් නිසා සිර දඩුවම් නියම වෙන්නෙ අවුරුදු 3කට විතරයි.මේ සිදුවීම වුනේ 2007 වසරෙයි.2010ය වසරේ Daniel නිදහස් වුනා.

03- Kipland Phillip Kinkel


1998 වසරේ මැයි මාසේ අවුරුදු 15ක් වයසති කිප්ලන්ඩ් පාසලට එකට පිස්තෝලයක් අරන් ඒම නිසා, ඔහුව පොලිස් භාරයට ගන්නවා.දෙමව්පියන්ගේ වෙන්වීම නිසා මොහු දැඩි ලෙස මානසික පීඩනයට ලක්වෙලා කියල තමයි වාර්ථාවල සදහන් වෙන්නෙ.ඊට පස්සෙ අදාල වෛද්‍ය වරුන් වෙත යොමු කලත් කෙප්ලන්ඩ්ගේ මනස හොද අතට හැරුනේ නෑ.ඔහු කොහම හරි තවත් ආයුධවර්ග, ඔන්ලයින් සයිට් වලින් ඕඩර් කරල මිලදීලග්නවා.පසුව මොහු බොහොම සූක්ෂම විදියට මේවා පාසලට අරන් ගිහින් වෙඩි කියාගෙන යනවා.මේ වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනක් මිය යනවා.25ස් දෙනෙක් තුවාල වෙනවා.කෙප්ලන් හිටපු නිවස පරීක්ෂා කරල බලනකොට පොලීසිය හොයාගෙන තියනව ඣිව බෝම්බ 2ක් සහ, මිලිමීටර් 9යේ තුවක්කුවකින් හිසට වෙඩි තබා ඝාතනය කරන ලද මිනිසුන් දෙදෙනෙක්ව.කෙප්ලන්ඩ් ට අවුරුදු 111ක සිරදඩුවම් නියම වෙනවා.

04- Lionel Tate


1999 වසර ජූලි මසලයනල්ට මේ වෙනකොට අවුරුදු 12යි.ලයනල්ගෙ සහොදරිය තමයි කැත්ලීන්.වයස අවරුදු 6යි.මේ දෙන්නව බලාගන්න නැනී කෙනෙක්ට බාරදීල අම්මයි තාත්තයි දවසක් නිවසින් පිටවෙනවා.මේ දෙන්න රූපවාහිනිය බල බල ඉන්න අතරුතුර නැනී ගිහින් තියනව පොඩ්ඩක් නිදාගන්න කියල.විනාඩි 45කට පස්සෙ ලයනල් ඇවිත් නැනීට කියනව නංගි හුස්ම ගන්නෙ නෑ කියල.හොදටම බයවුන නැනී ඇවිත් බලනකොට කැත්ලින් මැරිලා.මරණ පරීක්ෂණයෙන් වාර්ථා වෙලා තියෙන්නෙ හිස්කබල සහ අස්ථී බදීමකට ලක්වෙලා වගේම තවත් දරුණු තුවාල 35ක් කැත්ලින්ගේ සිරුරෙන් හොයාගත්තයි කියලයි.ලයනල් කියල තියෙන්නෙ “මම ටීවී එකේ යන රෙස්ට්ලිංග් මූව්ස් ටිකක් නංගිට ගැහුව” කියලයි.කොහොම වුනත් ලයනල්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වෙනවා.ලයනල් තමයි ලාබාලතම පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුනු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here